peace

 

ප‍්‍රිය මිත‍්‍රය! ඔබ පාපයෙන්, රෝගයෙන්, භීතියෙන්, හදිසි කෝපයෙන්, මානසික අසහනයෙන්, අධෛර්යයෙන්, යක්ෂ පීඩාවෙන්, දුසිරිත් වලින් නිදහස සොයන්නේද? සමහර විට, ඔබ නිදහස ලබා ගැනීම සඳහා නොයෙකුත් උත්සාහයන් ගෙන, විවිධ ක‍්‍රම අනුගමනය කර තිබෙන්නට පිළිවන නමුත් ඒවාට විසඳුමක් තවමත් ලැබී නොතිබෙන්නටත් පිළිවන එබැවින් ඔබගේ අගනා කාලයෙන් ස්වල්ප මොහොතක් මේ ලිපිය කියවීමට වැය කොට, මෙහි සහන් දෑ ඔබගේ දිවියෙහි අත්දැක ලබන්නේ නම්, මෙපමන කල් සොයමින් සිටි නිදහසට මාර්ගය ඔබට හමු වී තිබෙන බව ඒත්තු ගැනීමට හැකි වනු ඇත ඔබගේ සියළු ප‍්‍රශ්න, ගැටළුවලට විසඳුම යේසූස් ක‍්‍රිස්තූස් වහන්සේ තුළ ඇත ගෙවී ගිය සියවස් ගණන් තුළ කෝටි ගණන් ජනී ජනයා පාප හා සියළු කරදර වලින් පූර්ණ නිදහසද රෝග වලින් සුවයද, තවත් බොහෝ ආශිර්වාදද උන්වහන්සේගෙන් ලබා ඇත්තාහ අද පවා ලබා ගනිති ඔබටත් මේ මොහොතේදීම, එලෙස පූර්ණ නිදහස ලැබූවන්ගෙන් කෙනෙකු වන්නට පුළුවන ඔබගේ රෝග හා බිය තුරන් වනු ඇත පාපය අයහපත් පුරුදු හා දුක් පීඩා ආදිය තවත් ඔබ පාලනය නොකරනු ඇත සව බලධාරීන් වහන්සේගේ ස්පර්ශ කිරීම හේතුකොටගෙන ප‍්‍රීතියත්, සමාදානයත්, සහනයත් ඔබ සිතට ගලා එනු ඇත

අපගේ ප‍්‍රශ්න ගැටළු වලට මූලික හේතුව, අප තුළ ඇති පාපයයි එය කෲරය, විනාශකාරීය එය අප ශරීරය විනාශ කරයි චරිතය කිළුටු කරයි පවුල් වල බෙදීම් ඇති කරයි; අපගේ සිත්ද මුළා කරයි පාපයට ඉඩ දුනහොත්, අපගේ ජීවිතය වනසනු ඇත යේසූස් වහන්සේ වරක් මෙසේ වදාල සේක:”මක්නිසාද ඇතුලතින් එනම් මනුෂ්‍යයන්ගේ සිතින් නපුරු සිතුවිලි, වේශ්‍යාකම්, සොරකම්, මිනීමැරීම්, කාමමිත්‍යාචාරකම්, තණ්හා, දුෂ්ඨකම්, වංචාව, සල්ලාලකම, ඊර්ෂ්‍යාව, අපහාස කිරීම, උඩඟුකම සහ මොඩකම නික්මෙයි මේ සියළු නපුරු දේ ඇතුලතින් නික්මී මනුෂ්‍යයා අපවිත‍්‍ර කෙරේ” යැයි කී සේක (ශුමාර්ක් 7: 21-23) එබැවින් පශ්නය පැන නගින්නේ පිටතින් නොව ඇතුලතින්ය අපගේ ස්වෝත්සාහයෙන් අපට නිදහස ලබා ගත නොහැකිය ඔබට නිදහස ලද හැක්කේ යේසූස් වහන්සේ තුළින් පමණි ”යේසූස්” හැර වෙන කිසිවකු තුළ ගැලවීම, නැත්තේය  ”මක්නිසාද අපේ ගැලවීමට අවශ්‍ය වූ මනුෂ්‍යයන් අතරේ දෙන ලද වෙන කිසි නාමයක් ස්වර්ගයෙන් යට නැත්තේය” (ක‍්‍රියා 4:12)

සමස්ත ලෝකයේ ‘සෑම’ අයෙකු උදෙසා උන්වහන්සේ කුරුසිය මත මැරුණු විට, ඔබගේ පාප සහ රෝග උසුලාගත් සේක උන් වහන්සේ ඔබ උදෙසා මැරුණු සේක ඔබ උදෙසාද දිවි පි කිතු තුමන් දින තුනකින් මරු පරදා මළවුන්ගෙන් නැගිට අදත් ජීවමානව වැඩ සිටින සේක ශුද්ධ ජීවිතයක් ආරම්භ කිරීමේ අදහසින් යුතුව, ඔබගේ පව් ගැන අවංකව පසුතැවිලි වී, පව් සියල්ල ජීවමාන වූ යේසූස් ක‍්‍රිස්තූස්වහන්සේට කියා සිටියොත් උන්වහන්සේ ඔබට කමාව දී ඔබගේ දිවියේ බලපැවැත්වෙන පාපයෙන් ඔබ මුදනු ඇත නිතැතින්ම ඔබ ජීවිතය වෙනස් වී ඉතා ආශිර්වාද ලත් ස්වර්ගික තත්වයක් නිමැවේ ඔබගේ පැතුමට අනූව දෙවියන් වහන්සේ ඔබ තුළ ක‍්‍රියා කරනු ඇත ඔබ යේසුස් වහන්සේ පිළිගන්නා විට, නව ජීවනයක්, ඔබ තුළට පිවිසෙන බව ඔබට හැෙඟනු ඇත ස්වර්ගික ප‍්‍රීතියක් හා සමාදානයක් සිත තුළට ගලා එනු ඇත එපමනක් නොව, ශරීරයේ සියළු රෝග සුව වෙමින්, යහපත් සෞඛ්‍ය තත්වක් උදා වන බවද ඔබට හැෙඟනු ඇත ඒ මන්ද යත්, ස්වාමී වූ යේසූස් ක‍්‍රිස්තූස්වහන්සේ අපගේ ආත්මයේ ගැලවුම්කාරයාණන් පමණක් නොව, අප ශරීරය සුව කරන තැනැත්තාද වන බැවිණි ‘උන් වහන්සේගේ පහර වලින් අපට සුවය ලැබී තිබේ’

මෙය කිතුනු දිවියේ, පළමු පියවර පමණි මීට අමතරව, තවත් බොහෝ අත්දැකීම් හා ආශිර්වාද ඔබට ලැබිය හැකිය ඒ සියළු අත්දැකීම් ඔබ උදෙසාය සියළු ස්වර්ගික ආශිර්වාද නොමිලේ ඔබ සතු කර ගන්න යේසූස් වහන්සේ කෙරෙහි ඇදහීම තුළින් විනාශයෙන් මිදී ප‍්‍රීතිමත්, සදාකාල ජීවනය උදාකරගත හැක ගළවනු ලබන්ට හා සහමුලින්ම පිරිසිදු කරනු ලබන්ට ලෝ ගැලවුම්කාරයණන්ද ස්වාමීතුමාණන්ද වන යේසූස් ක‍්‍රිස්තූස් වහන්සේ තුළින් හැර අන් මගක් නැත

ඔබට මෙසේ යාච්ඤා කල හැක:

”පේ‍්‍රමණීය යේසුනේ, ඔබ මා උදෙසා සිවි පි බවත් නැවත මළවුන්ලෙන් නිගිටි බවත් මම විශ්වාස කරමි ඔබගේ කුරුසි පූජාව තුළින් පව් කමාවත් නිදහසත් ඇති බව අදහමි මගේ සියළු පව් කමා කොට සැනසීමත් නිදහසත් දුන මැනව මට මග පෙන්වුව මැනව” ආමේන්

වැඩි විස්තර සඳහා පහත සඳහන් ලිපිනයට ලියා හෝ පැමිණ හෝ විමසන්න

වැඩි විස්තර සඳහා අමතන්න: contact@sweethourofprayer.net

You can find equivalent English tract @

Peace be unto you