real liberty

 

සාමය! සාමය!! සාමය!!! අද ලොව පුරා දස දෙස රැුවු දෙන රාවය සාමයයි අද සාමය උදා කිරීමට වෙහෙස දැරුවද, රට රටවල් ජාතීන් අතරේ සාමය බිඳ වැටෙමින් පවතී හේතුව කුමක්ද? සාමය පිළිබඳව අද මිනිසා කතා කරන මුත් ඔහුගේ හදවතෙහි සැබෑ සාමදානයක් නොමැත ”දුෂ්ඨයන්ට සාමාදානය නැතැ”යි බයිබලයේ සඳහන්ව ඇත (යෙසායා 48:22) මිනිසා පාපය තුළ නිග්මන්ව, අයහපත් ජීවිතයක් ගත කරන තුරු, සැබෑ සාමයක් බලාපොරොත්තු විය නොහැක එමෙන්ම මෙලොව කිසිදු පුද්ගලයෙකුට වුවද තමන් කිසිදු පවක් කර නැතැයි පැවසිය නොහැක ”මක් නිසාද සියල්ලෝම පව් කොට දෙවියන්වහන්සේගේ මහිමයෙන් හීනව සිටිති” (රෝම 3:23) කුඩා දරුවකු තුළ වුවද ඊෂ_්‍යාව, කෝපය වැනි දුෂ්ඨ ගති බලපවත්වන අයුරු පෙනේ දරුවා වයසින් වැඩෙත්ම ඔහු තුළ පවතින පාප ස්වභාවයද ක‍්‍රම ක‍්‍රමයෙන් වර්ධනය වී අනතුරුව ක‍්‍රියාවෙන් ප‍්‍රකාෂ වේ ”මක්නිසාද ඇතුලතින් එනම් මනුෂ්‍යයන්ගේ සිතින් නපුරු සිතුවිලි, වේශ්‍යාකම්, සොරකම්, මිනීමැරීම්, කාමමිත්‍යාචාරකම්, තණ්හා, දුෂ්ඨකම්, වංචාව, සල්ලාලකම, ඊර්ෂ්‍යාව, අපහාස කිරීම, උඩඟුකම සහ මොඩකම නික්මෙයි මේ සියළු නපුරු දේ ඇතුලතින් නික්මී මනුෂ්‍යයා අපවිත‍්‍ර කෙරේ” යැයිද සඳහන්ව ඇත (මාර්ක් 7: 21-23) සිය මිතුරන් සමග විනෝදයට මෙන් ඇතැම් පාපිෂ්ඨ දේ හා ලොල් වූ මිනිසා අවසානයේ එහි ග‍්‍රහනයට හසු වී දුසිරිත් වලට වහල් වී සිටී තමා කරන්නට කැමති යහපත කිරීමට අපොහොසත්ව, අයහපතෙහිම ඇලී ගැලී අසරණව කල් යවයි පූජනීය ස්ථාන අපමණය දාන මාන, භාර හාර බොහෝ කරති එහෙත් මිනිසා සිය දුර්ගුණ සහිත අයහපත් පැවැත්මට නිමාවක් නොදකී මේ කිසිවකටවත් මිනිසාට විමුක්තිය අත් කර දෙමින්, සාමය උදා කිරීමට නොහැකි බැව් පැහැදිලිය

ප‍්‍රිය මිතුර, ඔබේ නිවසේද, ගම් පියසේද, සාමය අවශ්‍යද? එසේ නම් ප‍්‍රථමයෙන්ම ඔබ හදවතෙහි සාමය උදාවී තිබිය යුතුය ඒ සඳහා ඔබට සැබෑ සාමය දිය හැකි ”සාමයේ කුමරුන්” ඔබ සිතට පිළිගත යුතුය මේ ”සාමයේ කුමරුන්” කව්ද? අහසත් පොළොවත් ඇතුළු මුළු මහත් විශ්වයම මැවූ සකල මැවිල්ලේ නිර්මාත_ෘ වන සර්ව බලධාරී දෙවියන් වහන්සේම මිනිස් වෙසින් ”ය්සූස්” නමින් සාමයේ කුමරුන් ලෙස මෙලොව පහල වූ සේක මේ නිර්මල තැනැත්තන් වහන්සේ මිනිසාගේ පාප වන්දිය ගෙවා නිම කරමින් කුරුසිය මත දිවි පි¥ සේක මෙලෙස පූජා වීමෙන් පාපයට විසඳුමක් ඉදිරිපත් කළ යේසු තුමන් සාමයට මග විවර කරමින්, දින තුනකින් මලවුන්ගෙන් නැගිට අදත් ජීවමානව වැඩ සිටින සේක මෙම යේසූස් වහන්සේ ඔබටද සැබෑ සාමදානය පොරොන්දු වන සේක

”නුඹලා වෙත සාමදානය තබා යමි; මාගේ සාමදානය නුඹලාට දෙමි මා දෙන්නේ ලෝකයා දෙන්නාක් මෙන් නොවේ නුඹලාගේ සිත් කැළඹෙන්නටවත් භය වෙන්නටවත් නොදෙල්ලා” යනුවෙන් යේසූස් වහන්සේ වදාල සේක (යොහාන් 14:27)

කිසියම් පුද්ගලයෙක් උන්වහන්සේ තමන් උදෙසා පූජාවූ බව අදහමින්, පවු ගැන පසුතැවී කමාව අයදින විට උන්වහන්සේම ඔහුගේ පවු කමා කරනු ඇත මෙසේ උන්වහන්සේට සිත විවර කළ කල්හි එතුමන් ඔහු තුලට වඩින අතර පාපය තුරන් වී සාමය උදා වේ එපමනක් නොව, තවත් බොහෝ සදාකාලික ආශිර්වාද හා ලෝකෝත්තර අත්දැකීම් ලබා ගත හැක

මෙසේ යාච්ඤා කරන්න:

”පේ‍්‍රමණීය යේසුනේ, ඔබ උදෙසා මා දිවි පුදා නැවත මළවුන්ගෙන් නැගිටි බව අදහමි මාගේ සියළු පාප කමා කළ මැනව මා තුළ සැබෑ සාමදානය උදා කර දුන මැනව මට පිහිට වුව මැනව, මග පෙන්වුවමැනව මට ආශිර්වාද කළ මැනව” ආමේන්

වැඩි විස්තර සඳහා පැමිණෙන්න, නැතහොත් විමසන්න

වැඩි විස්තර සඳහා අමතන්න: contact@sweethourofprayer.net